ඔන්න යාළුවනේ මම අද ගෙනාවා ගොඩක් අයට අවශ්‍යම දෙයක්.පෝස්ට් එකේ title එක දැක්කම දන්නවනේ මොනා ගැනද කියලා.ඉතින් ගොඩක් කාලෙකින් පෝස්ටුවක් දාන්නේ මොකද වෙලාවක් හම්බුනේ නැහැ වැඩ නිසා.ඉතින් ලැබුණු වෙලාවේ හිතුනා මේ වගේ පෝස්ටුවක් දාන්ඩ.මම හිතනවා ගොඩක් අයට මේක වැදගත් වෙයි කියල.මොකද මම දැක්කා facebook groups වල අපේ යාළුවන්ට තියෙන ගැටළුවක් තමා Root කරන්නේ කොහොමද? Root කලාම මොකක්ද වෙන්නේ? ඒ වගේම සමහර apps වලින් Root වෙන්නේ නැහැ යන ගැටළු.ඉතින් ඒ නිසා හිතුනා මේ වගේ පෝස්ටුවක් දාන්ඩ.ඉතින් මම කලින් පෝස්ටුවක් දාලා තිබ්බා kingroot වලින් Root කරන විදිහ.
*Root කලාම ඇති වාසි*
-මෙහි ඇති වාසි තමා අපිට පුළුවන් custom rom ගහන්ඩ, රූට් apps බාවිතා කරන්ඩ, Games hack කරන්ඩ, ෆෝන් එකේ ඇති සමහර දේවල් වෙනස් කරන්ඩ (notification bar, battery icon,internet/wifi icon) වෙනස් කිරීම සහ notification bar, setting එකට පින්තුරයක් දා ගැනීමට delete උන දේවල් ගැනීමට සහ ads කරදර නැති කිරීමට පුළුවන්.
*Root කලාම අවාසී*
-මෙහෙදී මුලින්ම කිව්වොත් ඔයාගේ ෆෝන් එකේ වගකීම නැති වෙනවා, ඒ වගේම official updates නැති වෙනවා, ටික කාලයක් යනකොට ෆෝන් එක slow වෙන්ඩ ගන්නවා.root කිරීමෙන් මෙවැනි දේවල් වෙන බව මතක තියා ගන්ඩ.. ඒ වගේම සමහර ෆෝන් unroot කලවිට නැවත වගකීමක් දෙනු ඇත.(හැබැයි හැම ෆෝන් එකකටම නෙමේ)
කෙටියෙන්ම කිව්වොත් ඔය ටික තමා. හරි දැන් ඒ ගැනත් දැනුමක් ඇති. එහෙනම් වැඩි කතා නැතුව apps ටික බලමු.
01. Romaster SU නැතහොත් iRoot
මේක හොද Root app එකක්. මෙම app එකෙන් Samsung, Huawei, Sony, HTC, Lenovo වැනි දුරකතන හොදින් Root කරගැනීමට පුළුවනි.(4.80MB)
**Download Link**:- click here
02. Framaroot
මේකත් හොද Root app එකක්. මේකෙන් දැනට තියෙන Android ගොඩක් ෆෝන් Root කිරීමට පුළුවන්.විශේෂයෙන් Samsung වර්ගයේ ගොඩක් ඒවා පුළුවන් ඒ වගේම Root කිරීමට පහසුයි.Root කලාට පස්සේ reboot/restart කරන්ඩ එයි ඊට පස්සේ වැඩේ හරි.(1.24MB)
**Download Link**:- click here
03. 360 Root
මේක චීන app එකක් kingroot app එක වගේ.. මෙම app එක මගින් ගොඩක් Android දුරකථන සහ Android Tab Root කරගැනීමට පුළුවනි.(5.25MB)
**Download Link**:- click here
04. SuperOneClick
මේක පරිගණක software එකක් හැබැයි පරිගණකයට install කරන්ඩ නෙමේ තියෙන්නේ.මෙම Root software එකෙන් ෆෝන් එක Root කිරීමට ඉතාමත් පහසුයි.කරන්ඩ තියෙන්නේ ෆෝන් එකේ USB Debugging on කරලා USB Connect කරම ෆෝන් එක පරිගණකයට ගත්තට පස්සේ මේ software එක open කරලා එකේ ROOT කියන එක click කරන්ඩ.ටික වෙලාවක් ගියාම success කියල පෙන්නයි. ඊට පස්සේ ෆෝන් එකට superuser කියල app එකක් install වෙලා තියෙයි.මෙය ගොඩක් වර්ගයේ ෆෝන් වලට බාවිතා කල හැකිය.(9.89MB)
**Download Link**:- click here
05. KingoRoot
මේකත් හොද Root app එකක් ඒ වගේම ගොඩක් අය පාවිච්චි කරන app එකක්. මෙම app එක kingroot app එක වගේ. ඒ වගේම Root කිරීමට ඉතාමත් පහසුයි.ගොඩක් Android ෆෝන් මෙම app එක මගින් Root කරගැනීමට පුලුවනි.(1.81MB)
**Download Link**:- click here
ඔන්න මන් apps වල Link සමගම දුන්නා. ඉතින් ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. ඒ වගේම මේ apps බාවිතා කල පසු Root වෙලාද නැද්ද යන්න සැකයක් තියේනම් Root Checker app එක මගින් ඔයාට ඒ ගැන දැනගැනීමට පුළුවනි. හරි එහෙනම් අවසාන වතාවට කියන්ඩ තියෙන්නේ මම කියපු ඒවාට අමතර වෙනත් දේවල් සහ මේ පිලිබදව ගැටළුවක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්ඩ... ok එහෙනම් මම යනවා මේ වගේ තව දේවල් අරන් එන්නම් ඔයාලට ජයෙන් ජය!!!
**Root Checker App**:- click here
වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න............
Oyage post ekanan patta.eth unroot karama slow wena eka nawathida.parana thathwtama 4n eka eida??
ReplyDeleteehema kalata wadak wena ekak naha.. software gahuwoth thama hodama
Delete