GTA San Andreas + Install Cheats Codes (Android)

                             

Hi යාළුවනේ.. ඔන්න මම අදත් අරගෙන ආවා ගොඩක් දෙනෙක් Play කරන සුපිරි Game එකක්. ඉතින් GTA San Andreas කිවුවම කවුරුත් දන්නවනේ මොකක්ද Game එක කියලා.GTA Game ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් එයා Game ගහපු කෙනෙක් නෙමේ. ඉතින් මේක ගොඩක් පරණ Game එකක් computer වලට.ඉතින් ගොඩක් අය computer වලින් play කරලා ඇති.ඉතින් අද මම අරන් අවේ Android පාවිච්චි කරන අයටයි මේ Game එක.ඉතින් Android වලටත් ඇවිත් ගොඩක් කල් මේ Game එක.නමුත් තාමත් play කරන ඒ වගේම මේ Game එක Download කරගැනීමට Link හොයන අයත් ඉන්නවා. ඉතින් මට හිතුනා ඒ නිසා මේ වගේ පොස්ට් එකක් මේකට දාන්ඩ...

ඉතින් මේ Game එක ගැන කෙටියෙන්ම කියනවනම් ඇත්ත ලෝකයේ කතාවක සුවරුපයක් ගෙන ඇත. මංකොල්ල කෑම් , එක එක රැකියා , මත්ද්‍රව්‍ය ව්යාපාරික යන බොහෝදේ ඇතුලත් සත්‍ය ලෝකයේ සිදුවීමක් පෙන්වන සේ මෙම Game එක නිර්මාණය කර ඇත. මෙහිදී අවි ආයුද , යානවාහන , තවත් බොහෝ දේවල් ගැනීමට පුළුවනි.කෙටියෙන්ම කියනවනම් ඔය ටික හොදටම ඇති කියල හිතනවා.මොකද මේක දන්නේ නැති කෙනෙක් නැහැ.ඉතින් මේකේ විශේෂත්වේ වන්නේ මේ Game එක පාලනය වෙන්නේ cheats code මගිනි.අපිට අවශ්‍ය මොකක් හරි දෙයකට cheats code එකක් තියෙනවා.උදාහරණයක් ලෙස "අපිට තුවක්කුවක් අවශ්‍ය උනාම එයට ඇති cheats code එක ගැහුවම තුවක්කුව ලැබෙනවා." වැඩි විස්තර ඕනේ නැහැ.මෙන්න sure Link දෙකක්. එහෙනම් Download කරගන්දකෝ...

Grand theft auto: San Andreas :- 

First Link :-<<<Click Here>>>

Second Link :-<<<Click Here>>>

කෙනෙක්ට පළමු Link එක වැඩ නැත්තම් දෙවැනි Link එක Try කරලා බලන්ඩ.

* RAM  :- 1+GB 
* CPU :- 1+Ghz 
* GPU :- Adreno, Mali, Tegra, PowerVR
* Requires Android :- 3.0 and up
* Game Type :- offline
* Game Size :- 2.40GB 
* Offered By :- Rockstar Games

හරි බලමු Game එක Android phone එකට install කරගන්නේ කෙසේද කියලා.

01. මුලින්ම ඔයාගේ Android device එකට ගැලපෙන APK සහ DATA file එක download කරගන්ඩ.
02. ඊට පස්සේ Data file එක extract කරගන්ඩ.(මේ සදහා ES File Explorer app එක පාවිච්චි කරන්ඩ.එය play store එකේ ඇත.)
03. extract කරපු folder එක ඇතුලේ ඇති  'com rockstargames.gtasa' කියන folder එක copy කරලා sd>Android>Obb කියන folder එක ඇතුලට දාන්ඩ.
04. දැන් APK එක install කරලා Game එක play කරන්ඩ.

හරි එහෙනම් අපි බලමු cheats code ගහන්නේ කොහොමද කියලා.

01. මුලින්ම GTA Sa Cheats කියන App එක මෙතනින් ගන්ඩ.
02. දැන් cj ගේ ගෙදරට ගිහින් Game එක Save කරගන්ඩ.
03. දැන් Game එක minimize කරලා App එක open කරගන්ඩ.(අනිවා save කරලයි කරන්නේ..minimize කියන්නේ Home button එක press කලානම් හරි)
04. App එක open කරලා Skip or Continue කියලා ඇති ඒ තියෙන එක click කරන්ඩ.
05. දැන් ඔයා save කරපු එක තෝරන්ඩ..(ex :- save 1 or save 2,.......)
06. දැන් cheats codes පෙන්නයි.ඔයා කැමති ඒවා තෝරලා save කියන එක click කරන්ඩ.
07. දැන් නැවත Game එක open කරලා Lord Game ගිහින් ඔයා Save කරපු එක open කරන්ඩ. එතොකොට ඔයා දාපු cheats codes ටික add වෙලා තියෙයි.

ඉතින් ඔච්චරයි.ඉතින් මම හිතනවා වැදගත් වෙයි කියලා විශේෂයෙන් cheats codes දාන විදිහත් එක්කමනේ මේ post එක දැම්මේ.හරි එහනම් Game එක කොහොමද install කරන්නේ සහ cheats codes කොහොමද දන්නේ යන පිලිබදව දැනුමක් ලැබෙන්ඩ ඇති කියල හිතනවා. එහෙනම් මම නවතිනවා.ඒ වගේම මතක් කරලා shear කරන්ඩ. ඉතින් ගැටළුවක් තියෙනවනම් comment එකක් දාන්ඩ....ඊට අමතරව තව දේවල් ගැන දැනගන්ඩ ඕනනම් comment එකක් දාන්ඩ.එහෙනම් මම යනවා මේ වගේ තවත් දේවල් අරගෙන එන්නම්.. එහෙනම් ජය වේවා!!!


                                               වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න............




5 comments :