ඔන්න මම අද ගෙනාවා ගොඩාක් අයට වැදගත් දෙයක්.. "සිංහල පෙන්නන්නේ නැති Android ෆෝන් එකට සිංහල පෙන්නන විදිහ හදාගන්ඩ ක්‍රමයක්." හැබැයි මේ වැඩේට ඔයාගේ ෆෝන් එක ROOT කරල තියෙන්ඩ ඕනා.ඉතින් මම දැක්කා facebook එකේ groups වලින් ගොඩක් අයට මේක ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒ අයගේ ෆෝන් වලට සිංහල වැඩ නැහැ කියලා.ඉතින් ෆෝන් එක ROOT කරලනම් මේ ක්‍රමේ ට්‍රයි කරලා බලන්ඩ පුළුවන්.. ගොඩක් facebook එකේ සිංහල , google එකේ සිංහල site එහෙම වැඩ නැහැ. මටත් ඔය වැඩේ උනා මගේ ෆෝන් එකටත් වැඩ කලේ නැහැ මම මේ ක්‍රමේ කළා දැන් සුපිරියට වැඩ.ඒ නිසයි විශ්වාසයෙන්ම කියන්නේ. හරි එහෙනම් වැඩේට බහිමු.
- ඔයාගේ ෆෝන් එක Root කරලා නැත්තම් මෙතනින් ගිහින් බලලා Root කරගන්ඩ.
*දැන් මේක කරගන්ඩ අවශ්‍ය දේවල් download කරගන්ඩ.බයවෙන්ඩ එපා පුංචි App එකකුයි Font එකයි ඕනේ.*
01. මුලින්ම App එකයි Font එකයි download කරගෙන App එක open කරගන්ඩ.
02. App එක open කරගෙන "Local" කියන එකට යන්ඩ.
03. දැන් හොයාගන්ඩ iskoolapota.ttf කියන font එක.(ඔයා download කරපු එක)
04. iskoolapota.ttf කියන font එක හොයාගත්තට පස්සේ font එකට click කරලා Install දෙන්ඩ.
05. install කලාට පස්සේ ෆෝන් එක reboot කරන්ඩ කියල ඉල්ලයි බයනැතුව reboot කරන්ඩ.(yes click කරන්ඩ)
*වැඩේ ඉවරයි. දැන් google හරි facebook එකේ හරි බලන්ඩ සිංහල අපූරුවට පෙන්නයි. අවුලක් තිබ්බොත් comment කරන්ඩ.ආ.. තව දෙයක් ඔය screen shot මගේ ෆෝන් එකේ ඒවා නෙමේ google එකෙන් ගත්තු ඒවා, මොකද මගේ ෆෝන් එක කැඩිලා. ඒ උනාට බයවෙන්ඩ එපා, අනිවා මේ ක්‍රමේ වැඩ.එහෙනම් මම යනවා තව දේවල් අරන් එන්නම් ඔයාලට ජයෙන් ජය!!!
වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.............
No comments :
Post a Comment