Ebates හරහා මුදල් හොයන්නේ කොහොමද?


                       Wisthara Tricks blogg අඩවියට සාදරයෙන් පිලිගන්නවා.අද අපි කතා කරමු Ebates හරහා සාර්ථකව මුදල් හොයන්නේ කොහොමද, ඒ මුදල් අපේ අතට ගන්නේ කොහොමද කියලා.ඉතින් අද ලංකාවේ ගොඩාක් අය පුරුදු වෙලා තියෙන්නේ Online Shopping ක්‍රමේට. ඒ කිව්වේ Internet එක හරහා eBay, AliExpress, GearBest, Amazon, Banggood වගේ තැන් වලින් බාන්ඩ මිලදී ගැනීමට.ඉතින් ගොඩාක් අය මුදල් ගෙවලා බාන්ඩ මිලදී ගත්තට ඒ හරහා යම් මුදලක් හෙවිමට උත්සහ කරලා නැහැ. නමුත් Ebates එකෙන් වෙන්නේ Online බාන්ඩයක් මිලදී ගන්නවට අමතරව යම් මුදලක් අපිට මේ හරහා ලැබීමයි.ඉතින් ගොඩක් අයට විස්වාස නැති වෙන්නත් පුළුවන් නමුත් මේක ඇත්තක් ඒ වගේම 100% සාර්ථක ක්‍රමයක් internet එකෙන් මුදල් උපයන්ඩ තියෙන.ඒ වගේම Ebates කියන්නේ හොර බොරු වංචනික ආයතනයක් නෙමේ මෙය සාර්ථක විස්වාසවන්ත ආයතනයක් වගේම අතරමැදියෙකු ලෙස වැඩකරන ආයතනයක්.ඒ කිව්වේ අපි English වලින් කියන්නේ Broker කෙනෙක් කියලා අන්න ඒ වගේ ආයතනයක්. හොදයි අපි බලමු කොහොමද මුදල් හොයන්නේ, මුදල් අතට ගන්නේ කියල, පෝස්ට්ටුව ටිකක් දිගයි නමුත් අනිවා මුල සිට අගට කියවලා මේ දේ ඔයත් පටන් ගන්න.

                                           ***මුදල් හොයන ආකාරය,*** 

Referral Link :- <<Click Here>>

 01.  ඉතින් මුලින්ම Ebates Site එකට Join වෙන්න ඕනේ, Join වෙන්න මේ Referral Link එක පාවිච්චි කරන්න.ඉතින් මේ Referral Link එකෙන් Join වෙන්න කියන්නේ මේ Link එක හරහා Join උනොත් ඔයාට $10ක් ලැබෙනවා. Ebates Referral Link එකෙන් join උනත් $10ක් ලැබෙනවා හැබයි ඒ $10 ඔයාට නෙමේ ලැබෙන්නේ ඒ $10 එම ආයතනයටමයි ලැබෙන්නේ ඉතින් ඔයාට ලැබෙන මුදල් නිකන් පිට රට කෙනෙක්ට දෙන්න ඕනේ නැහැනේ, ඒ නිසා මම දාල තියෙන Referral Link එකෙන් Join වෙන්න එතකොට මට වගේම ඔයාටත් $10ක් ලැබෙනවා.ඉතින් පිටරට සුද්දෙකුට නිකන් සල්ලි දෙන එකේ අපේ රටේ කෙනෙකුට සහ පිට රට මුදල් අපේ රටට ගෙන්නනවානම් තමා ගොඩාක් හොද.ඉතින් ඔයත් Join උනාට පස්සේ Ebates එකට, ඔයාටත් පුළුවන් ඔයාගේ යාළුවන්ට මේ ගැන කියලා දීලා ඔයාගේ Referral Link එක දෙන්න. මේකෙන් වෙන්නේ ඔයත් කෙනෙකුට උදව් කරනවා වගේම ඔයාටත් මේ හරහා උදව් ලැබීමයි මුදල් වලින්.ඒ වගේම තමා Referral Link එක හරහා Join උනාට මට $25ක් වත් ඔයාටත් $10ක් වත් එක පාර ලැබෙන්නේ නැහැ ඒකට ටිකක් මහන්සි වෙන්න ඕනේ ඒ කිව්වේ මේ link එකෙන් registar උනාම ඔයා අනිවා Ebates එක හරහා $25ක බාන්ඩ මිලදී ගන්න ඕනේ,එතොකොට තමා Ebates ආයතනෙන් ඔයාව registar කරගන්නේ ඒ වගේම ඔයාට බෝනස් $10ක් ලැබෙන්නෙත්.ඉතින් මෙතනදී $25 බාන්ඩයක්ම මිලදී ගන්න අවශ්‍ය නැහැ $1ක,$2ක,$5ක,මේ ඕනෑම ගානක බාන්ඩ මිලදී ගන්න පුළුවන් හැබැයි මුළු එකතුව $25ක් හෝ ඊට වැඩි වෙන්න ඕනේ.ඉතින් මෙතනට අදාල වන්නේ Free Shipping විතරයි.Shipping වලට Tax වලට මුදල් ගත්තට Ebates ආයතනය අනුමත කරන්නේ බාන්ඩේ මිල පමණයි.

02. ඉතින් Ebates එකට join උනාට පසුව මුදල් හොයන්නේ ඔයා online eBay, AliExpress, GearBest, Amazon, Banggood වගේ  මේ ඕනෑම එකකින් බාන්ඩයක් මිලදී ගද්දි Ebates එක හරහා මිලදී ගන්න. ඒ කිව්වේ Google එකේ Ebates කියලා search කරලා ඒ site එකේ ඔයාගේ ebates account එක හරහා Log in උනාට පසු Ebates එකේ ඔයා බාන්ඩේ මිලදී ගන්නේ කොතනින්ද (ex:-ebayඑකෙන් නම්) eBay කියලා search කරලා Shop Now Click කරන්න,(Screen Shot බලන්න) එතොකොට ebay site එකට යනවා එවිට ඔයාට ඕනෑම බාන්ඩයක් මිලදී ගන්න පුළුවන් මේ සදහා Ebates එක විසින් ඔයාට සෑම බාන්ඩයකටම Discount එකක් ලැබෙනවා. මිලෙන් වැඩි බාන්ඩයක් මිලදී ගද්දී ලොකු Discount එකක් ලැබෙනවා.ඉතින් මේ හරහා තමා ඔයාට මුදලක් ලැබෙන්නේ.ඒ වගේම සමහර අයගේ වැරදි මත තියෙනවා Ebates හරහා නැතුව eBay එකේ බාන්ඩෙට වඩා Ebates හරහා ගියොත් එම බාන්ඩේ මිල වැඩි කියලා,, නැහැ ඒක වැරදි Ebate හරහා ගියත් Normally ගියත් ඔයා ගන්නා බාන්ඩයේ මිල එක සමානයි.



03. ඉතින් තව දෙයක් තමා Ebates එකෙන් මුදල් හොයන්න ඔයාට computer එකක්ම තියෙන්න ඕනේ නැහැ ඔයා ලග Android Phone එකක්ද,Apple Phone එකක්ද, Windows Phone එකක්ද තියෙන්නේ මේ හැම එකකින්ම පුළුවන් Ebates App එක දාගත්තොත්. ඒ වගේම කෙනෙක් online එකෙන් මොකක් හෝ දෙයක් Oder කලාම, මේ Oder එක Ebates හරහා නෙමේනම් Oder kale ඔයාට අමතක උනානම් ඒ හරහා Order කරන්න, ඊලග Oder එකේ ඉදන් අමතක නොවී Ebates හරහා Shopping කරන්න  Ebates extensions එක ඔයා computer එකේ පාවිච්චි කරන browser එකට add කරගන්න.ඉවිට ඔයා online shopping කරද්දී Ebates එකෙන් දකුණු පැත්තෙන් මැසේජ් එකක් එයි active කරන්න කියලා රතු පාටින්, ඒක click කරාම කොළ පාටින් පෙන්නුම් කරයි active වුනා කියලා.(Screen Shot බලන්න) ෆොනේ එකෙන් පාවිච්චි කරනවානම් නිතරම Ebates App එක හරහා Online Shopping කරන්න.


Google Play Store:-  <<Click Here>>
Apple App Store:-    <<Click Here>>
Microsoft Store :-     <<Click Here>>

                                      ***මුදල් අතට ගන්නා ආකාරය***


01. Ebates හරහා මුදල් ගන්න ක්‍රම 2ක් තියෙනවා එකක් චෙක් එකකින්,අනෙක අපි කවුරුත් දන්නා PayPal ක්‍රමය.ඉතින් මම කියන්නේ චෙක් එකක් මගින් මුදල් ගන්න එපා මේ Ebates හරහා මුදල් ගන්නවානම් අනිවා PayPal හරහා ගන්න. එයට හේතුව මෙම චෙක් එක ලංකාව තුල මාරු කරන්න ඔයාට ලොකු දුකක් විදින්න වෙනවා එයට හේතුව මේක Foreign Bank එකක් ඔයා මාරු කරන්න ගියොත් ඔයාගෙන් ආසන්න වශයෙන් $50-$100ක්වත් එයාලා ගන්න පුළුවන් මෙය මාරු කරන්න. ඒ සදහා හොදම දේ PayPal හරහා ගන්න එක. ඉතින් ගොඩාක් අය කියනවා PayPal ශ්‍රී ලංකාවට සල්ලි ගේන්න බැහැ කියලා නමුත් සල්ලි ගෙන්වන්න පුළුවන් ක්‍රම තියෙනවා.නමුත් Ebates එක හරහා ගෙන්නනවානම් ඔයාගේ PayPal Account එක Philippines වලට හදාගන්න.  

02. ඉතින් මෙහෙම හදාගත්තු Philippines PayPal Account එකේ මුදල් ඔයාගේ අතට ගන්න නම් ඒ සදහා ඔයා ලග Online Shopping කරද්දී මුදල් ගෙවන HNB හෝ Commercial Debit Card එකක් තියෙන්න ඕනේ. ඉතින් මම කියන්නේ Commercial Bank එකේ Card එකක් මේ සදහා පාවිච්චි කරනවානම් තමා ගොඩාක් හොද.මොකද ඔයා PayPal එකේ මුදල් withdraw කරාම දින 2,3ක් ඇතුලත Bank එකට මුදල් එනවා එවිට එම මුදල් ඔයාට ලබාගන්න පුළුවන් ඉක්මනින් මෙම බැංකුව හරහා.ඒ වගේම මතක තිය ගන්න ඔයා බැංකුවෙන් මුදල් ගද්දි අනිවා ඔයාගේ Ebates එකෙන් ලැබුණු මුදල් වලින් $5ක් කපා ගන්නවා. Ebates  එකෙන් අඩුවෙන් හෙව්වත් වැඩියෙන් හෙව්වත් කපා ගන්නේ $5ක් පමණි.

03. ඉතින් Ebates වලින් මුදල් හෙව්වා වගේ අපිට හිතෙන හිතෙන වෙලාවේ මේ මුදල් අපේ අතට ගන්න බැහැ. Ebates ආයතනෙන් මේ සදහා අවුරුද්දට 4 පාරක් මුදල් ගෙවීම් (Cash Back) කරනවා. ඒ කිව්වේ මාස 3කට වතාවක්. (Screen Shot බලන්න) ඒ වගේම Ebates හරහා දීල තියෙන මාසේ ඒ දිනේට කලින් සමහර විට දින 2,3කට කලිනුත් මුදල් PayPal එකට එනවා.ඒ වගේම ඔයාගේ Ebates එකේ මුදල් ගෙවීම් කරන එම දිනය තුලදී PayPal එකට සල්ලි ගන්න ඔයාට අමතක වුවහොත් ඔයාට ඊලග ගෙවීම් සිදුකරන දිනය එනතෙක් බලා ඉන්නට වෙනවා.ඉතින් මේ විදිහට තමා Ebates එකෙන් මුදල් හොයලා එම මුදල් අපේ අතට ගන්නේ.ඉතින් නැවත මතක් කරනවා Ebates කියන්නේ 100%ඇත්ත. ඒ වගේම මේක කරන්නේ Trusted Company එකක් "Rakuten" කියන, ඉතින් මේ company එක අපි පාවිච්චි කරන Viber Company එකට අයිති එකක්. ඉතින් ඔයත් මේ ක්‍රමේ කරලා Internet එක හරහා මුදල් හොයන්න.ඒ වගේම මේ ක්‍රමේ තමා Internet එක හරහා මුදල් හොයන්න පුළුවන් සාර්ථකම සහ පහසුම ක්‍රමේ. ඒ වගේම ඔයාටත් $10 මුදලක් ලබා ගන්න නම්, කලින් කිව්වා වගේ දීල තියෙන Referral Link එක පාවිච්චි කරන්න. ස්තූතියි!!!

         

           ඉතින් පෝස්ට් එක හොදයි නම් Shear කරන්න තවත් කෙනෙකුට දැන ගන්න.ඒ වගේම මා මෙතන නොකියපූ ඔයාලා දන්න දෙයක් සහ ඔයාලට ගැටළුවක් තිබේනම් Comment කරන්න.ඒ වගේම පෝස්ට් එකේ වැරදි අඩුපාඩු කම් තිබේනම් Comment කරන්න ඒවා හදා ගන්න.එසේනම් මෙතනින් පෝස්ට් එක අවසන් ස්තූතියි! Next Post එකෙන් නැවතත් හමු වෙමු.







       

2 comments :