Hi :) :) යාළුවනේ.. ඔන්න මම අද කියල දෙන්ඩ යන්නේ Samsung ෆෝන් එකක් නිවැරදිව Root කරගන්නා අකාරය. :) ඉතින් මම දැකපු දෙයක් තමයි ගොඩක් දෙනෙක්ගේ Samsung දුරකථනය Apps මගින් Root කරගන්ඩ බැහැ කියල තිබ්බා. ;( ඉතින් ඒ අයට මේ ක්‍රමේන් පුළුවන් Root කරගන්ඩ. :) විශේෂයෙන් Samsung වගේ දුරකථන නිවැරදිව Root කරන්නේ මේ ආකාරයටයි.. මේ ආකාරයෙන් Samsung දුරකථන පමණක් නොවේ වෙනත් Android දුරකථනද Root කරගැනීමේ හැකියාවක් ඇත.ඉතින් මෙය ගොඩාක්ම වැදගත් වෙන්නේ Samsung දුරකථන වලටයි. හරි එහෙනම් අපි නිවැරදිව Root කරගන්නා ආකාරය පිලිවෙලින් ඉගෙන ගනිමු. :) :)
- මුලින්ම ඔයාගේ ෆෝන් එකේ sim, memory card ගලවලා ෆෝන් එක off කරන්ඩ.
- දැන් google ගිහින් cf auto root කියලා ටයිප් කරන්ඩ. ඊට පස්සේ ඔයාගේ Samsung දුරකතනයේ Model Number එක එතනින් හොයලා Download කරගන්ඩ. බයවෙන්ඩ එපා Zip file වගේ තමා download වෙන්නේ ඒ වගේම වැඩිය ලොකු file නෙමේ උපරිම 30MBයි.
Cf Auto Root :- << Click Here >>
- එතන ඔයාගේ දුරකතනයේ Model Number එක තිබුනේ නැත්තම් ඔයා google එකේ වෙනම හොයාගන්ඩ.( Ex :- Root file for ඔයාගේ ෆෝන් Model Number එක )
- දැන් zip file එක extract කරගන්ඩ. ඊට පස්සේ extrct වුන file එකේ Odin කියලා software එකක් තියෙනවා ඒක open කරගන්ඩ.
- දැන් ෆෝන් එකේ Power key + Home Button + Volume Down key තුනම එකවර ඔබන්ඩ. එතොකොට Download mood එකක් එයි.ඊට පස්සේ ෆෝන් එකේ USB Cable එක connect කරලා volume Up key එක ඔබන්ඩ.
- දැන් Odin software එකේ PDA කියලා ඇති ඒක ඉස්සරහින් හරියක් දාලා PDA කියන එකට ක්ලික් කරන්ඩ.
- ඊට පස්සේ ඔයා ගත්තු Root කරන file එක හොයාගෙන select කරලා open කරගන්ඩ. (Root file එක මොනවගේද කියල යට පින්තුරේ බලන්ඩ.)
- දැන් Start කියන තැනට ක්ලික් කරන්ඩ. එතොකොට ඔයාගේ ෆෝන් එකේ Load වෙනවා වගේ පෙනෙයි.මතක තිය ගන්ඩ USB Cable එක ගලවන්ඩ එපා වැඩේ සම්පුර්ණ වෙලා ෆෝන් එක on වෙනකන්.
- දැන් ඔයාට පෙනෙයි Android logo එක red color එකෙන්. ඒ කියන්නේ Root වෙනවා කියලයි. මතක තියාගන්ඩ Root කලාට පස්සේ අනිවාරයෙන්ම virus guard එකක් දාගන්ඩ. ඕනෑම Root කරන ෆෝන් එකක Root කලාට පස්සේ virus guard එකක් දාගැනීම අවශ්‍ය වේ.
- ඊට පස්සේ Root වෙලා ඉවර වුනාම ඔයාට Root වෙලාද කියලා හොයාගන්ඩ පුළුවන් ඔයාගේ ෆෝන් එකේ අලුතෙන් App එකක් ඇති SuperSu කියලා. එහෙම එකක් තියෙනවා කියන්නේ ඔයාගේ ෆෝන් එක නිවැරදිව Root වෙලා කියන එකයි.
හරි යාළුවනේ වැඩේ හොදයිනේ?? ඉතින් මේක Root කරගන්ඩ බැරිවුන අයට ගොඩාක් වැදගත් post එකක් වෙයි කියල හිතනවා. එහෙනම් යාළුවනේ තවත් දවසක ඔයාලට වැදගත් වෙන post එකක් අරගෙන එන්නම්. ඔයාලට ජයෙන් ජය!!!! :) :) මතක ඇතුව රතු පාටින් යටින් ලියලා තියෙන එක අනුගමනය කරන්ඩ.හික්ස්....... :D :D
වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.............
Root krla kela unith apahu hadaganne khmda bn
ReplyDeleteSoftware gahanda. Ethokota hari yai
Delete