Samsung phone එකට Official Firmware නැතහොත් Android OS ගහමු.

                                  



ඔන්න යාළුවනේ මම අදත් අවා Samsung phone පාවිච්චි කරන අයට වැදගත්ම පෝසටුවක් අරගෙන... ඉතින් post එකේ මාතෘකාව දැක්කම පේනවනේ..ඉතින් Firmware නැතහොත් Android OS කියන්නේ මොකක්ද? කෙලින්ම කියනවනම් ඒ කියන්නේ ඔයාගේ Android Phone එකේ තියෙන Version එක. ඒ කිව්වේ අපි කවුරුත් දන්නා සහ අහල තියෙන Gingerbread, Ice cream sandwich, Jelly Bean, KitKat, Lollipop සහ අලුතින් ආපු Marshmallow ඒ වගේම ලගදි එන අලුත්ම Android version එක වන Nougat කියන මේ හැම එකකටම තමා Firmware නැතහොත් Android OS කියන්නේ.

ඉතින් මේ ගැන නොදන්නා කෙනෙක් නැහැනේ..ඉතින් මේ හැම Android OS එකකම තියෙන්නේ රස කැවිලි වල නම් කටට කෙලත් උනනවනේ. හික්ස්...........ඉතින් අපි Firmware නැත්තම් Android OS ගහනවා කියන එකේ වැඩිපුරම පාවිච්චි කරන වචෙනේ තමා Software ගහනවා කියන එක.ඉතින් ඇයි software ගහන්නේ..ඉතින් අපි ගොඩක් දේවල් කරනවනේ ඒ කිව්වේ රූට් කරනවා custom rom ගහනවා Apps සහ Games පුරවනවා.ඉතින් ටික කලක් යද්දී phone එක slow වෙන්ඩ ගන්නවා, errors එන්ඩ ගන්නවා, සමහර ඒවා වැඩ කරන්නේ නැති වෙනවා, සමහර විට phone එක on වෙද්දී ඒ phone එකේ නම වැටිලා එතනින් එහාට on වෙන්නේ නැති සිද්දි එනවා. එතොකොට ගොඩාක් අය කරන්නේ Firmware ගහන එක.ඔයා shop එකට දුන්නත් එයාලා Firmware තමා ගහල දෙන්නේ. ඉතින් මොකටද බොරුවට සල්ලි දිලා මේ වැඩේ කරන්නේ මොකද මේක ඔයාට උනත් කරගන්ඩ පුළුවන්...හැබැයි ටිකක් හරි මේ ගැන දැනුමක් ඕනේ හොදේ...ඉතින් තව දෙයක් කියන්ඩ ඕනේ Firmware ගහද්දි official Firmware ගහන්ඩ..ඒ වගේම Firmware ගැහුවා කියල මුකුත්ම වෙන්නේ නැහැ ඒ නිසා බය වෙන්ඩ එපා...හරි දැන් ඔයාලට දැනුමක් ලැබුනානේ මේ ගැන.. හරි එහෙනම් අපි බලමු Samsung Phone වලට Official Firmware නැතහොත් Android OS ගහන්නේ කොහොමද කියලා.







  • මුලින්ම කියනවනම් මේ වැඩේට computer එකක්  ඕනේ..computer නැත්තම් Firmware ගහන්ඩ යන්ඩ එපා. 



  • ඔයාගේ Phone එකේ model number එකට ගැලපෙන Official Firmware එක download කරගන්ඩ. model number එක හොයා ගන්නේ phone එකේ Setting>About device>Model Number. (උදා හරණයක් ලෙස GT-......ඔයාගේ එක).. ඒ වගේම ඊට යටින් ඇති Android version කීයද කියලා ඒක උඩ 3න් පාරක් එක දිගට click කලාම ඔයාගේ phone එකේ OS එකේ පින්තූරේ සමගම නම පෙන්නයි..සමහර විට ඔයාගේ phone එකට update එකක් අවිල්ලනම් ඔයා google එකේ ඔයාගේ model number එකට Official Firmware එක search කලාම අලුත් update එකේ Firmware දෙයි..එතොකොට අලුත් Firmware එකයි ගහන්ඩ ඕනේ. ඒක වැඩිය අවුලක් හිතන්ඩ යන්ඩ එපා.



  • ඉතින් ඔයාගේ  model number එකට ගැලපෙන Official Firmware එක SAMMOBILE  කියන site එක පාවිච්චි කරන්ඩ. මොකද Samsung වලට Official හොදම සහ වැඩිම දෙනෙක් පාවිච්චි කරන site එකක් ඒක.. එකට ගිහින් Login or Join වෙලා ඒ site එකේ Firmware කියන එකට ගිහින් model number ගහලා Firmware එක download කරගන්ඩ.




  • ඒ වගේම Samsung Phone වලට Software ගහන්ඩ යොදාගන්නේ Odin කියන tool එක.එකත් ඔයා download කරන Firmware එක යටින් තියෙනවා..

  • SAMMOBILE LINK:- <<<Click Here>>>

    හරි එහෙනම් අපි බලමු කොහොමද Software ගහන්නේ කියලා.

    01. ඔයා download කරපු Firmware එකයි Odin එකයි Zip or Rar විදිහටයි තියෙන්නේ.මුලින්ම ඒ 2කම extract කරගන්ඩ.

    02. Odin open කරගන්ඩ.

    03. දැන් ඔයාගේ phone එක download mood දාගන්ඩ...(phone එක off කරලා volume down + Home button + power button මේ 3නම එකට press කරන් ඉද්දි download mood කියල එයි) ඒක continue කරන්ඩ volume up button එක ඔබන්ඩ.

               


    04. දැන් ඔයාගේ phone එක computer එකට USB connect කරන්ඩ. ඔයාගේ computer එකේ USB drives දාලා තියෙනවනම් Odin එකේ පෙන්නයි Added කියලා... (පින්තූරය බලන්ඩ.) USB drivers නැත්තම් මෙතැනින් download කරගන්

                                 

     USB Drivers :- <<<Click Here>>>

    05. දැන් Odin එකේ AP / PDA කියල තියෙන තැනට tik කරලා (හරියක් දාලා) ඒකට click කරන්ඩ.ඊට පස්සේ ඔයා download කරපු Firmware එක extract කරපු folder එක ඇතුලේ තියෙන එක add කරන්ඩ. ඊට පස්සේ Start කියන එක click කරන්ඩ.(Firmware එක.. ඒක tar කියන format එකෙන් තියෙන්නේ)

                                       

    06. දැන් ඔයාගේ Phone එකට Software වදිනවා පෙන්නයි. (Software ගහල Phone එක on වෙනකන් USB cable එක ගලවන්ඩ එපා.)

    07. Software ගහල ඉවර උනාම Odin එකේ Pass කියල කොළ පාටින් පෙන්නයි.එතොකොට Phone එක auto off වෙලා on වෙයි.. එතොකොට ඔයා අලුත් phone එකක් ගත්තා වගේ account ගහල setting හදාගන්ඩ තියෙන්නේ.

    ඉතින් දැන් සල්ලි ඉතුරුයි නේ.ගෙදර ඉදගෙනම නිදහසේ වැඩේ කරගත්ත නේ...... ඉතින් ඔච්චරයි.හරිම සරලයි. ඒ වගේම මම ඔයාලට උපරිම step by step කියල දුන්නේ.ඉතින් මම හිතනවා දැන් ඔයා උපරිම දැනුමක් මේ ගැන ලබාගත්තා කියලා... ඉතින් ඔයාගේ යාලුවෝ ඉන්නවනම් මේ ගැන අවුලෙන් ඉන්න.ඉතින් shear කරන්ඩ. ඉතින් ගැටළුවක් තියෙනවනම් comment එකක් දාන්ඩ....ඊට අමතරව තව දේවල් ගැන දැනගන්ඩ ඕනනම් comment එකක් දාන්ඩ. ඒ වගේම මතක් කරන්ඩ ඕනේ.. අපේ හැම හැම post එකටම comment දාන්ඩ එපා ගැටළුවක් තියෙනවනම්. මගේ blogger එකේ මුලින්ම දකින්ඩ ලැබෙන post එකට comment දාන්ඩ. මොකද හැම හැම එකටම දැම්මම මට හොයාගන්ඩ විදිහක් නැහැ ඒ වගේම ඔයාලගේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්ඩ පරක්කු වෙයි ඒ නිසා මුලින්ම දකින්ඩ ලැබෙන post එකට comment කරන්ඩ...මම එන වෙලාවල් වලට ඒවාට පිළිතුරු දෙන්නම්....එහෙනම් මම යනවා මේ වගේ තවත් දේවල් අරගෙන එන්නම් එහෙනම් ජය වේවා!!!

                                      වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න............




    13 comments :

    1. ‍ම‍චන්‍ ‍ම‍ගෙ 4න්‍ ‍එ‍ක GT-S5310B‍ ඒක්‍‍ට ‍වෙ‍න 4න්‍ ‍එ‍ක‍ක ‍ඔ‍ෆි‍ශි‍යල්‍‍ ලො‍ලි‍පොප්‍ ‍ව‍ගෙ ‍ෆර්ම්‍වෙ‍යා ‍එ‍කක්‍ ‍ග‍හු‍වොත්‍ ‍අ‍වුල්‍ ‍ය‍යි‍ද ‍බන්‍ ‍..... ‍එ‍හෙ‍ම ‍ග‍හන්‍‍න ‍බැ‍රි‍ද ‍බන්‍....දැන්‍ ‍ති‍යෙන්‍‍නෙ ‍ජෙ‍ලි‍බීන්‍ 4.1.2

      ReplyDelete
      Replies
      1. official lollipop firmware oyage 4n ekata thiyenawanam gahanda.. naththam wena ewala ewa gahanda epa. mokada 4n ekata hoda naha.. firmware gaddi 4n eke model ekata galapena ekai ganda ona.. oyata onenam puluwan rom gahanda lollipop...

        Delete
    2. Download speed godak aduine bro

      ReplyDelete
      Replies
      1. e site eke tikak ehema thamai. wadiya aulak ganda epa

        Delete
    3. Kaden kara gannawanam kiyak wage da wenne bro?

      ReplyDelete
    4. අපේ phone එකට phone එකේ official web site එකේ lollipop update එක නැත්නම් වෙන ක්‍රමයක් නැද්ද lollipop ගහන්න. Custom Rom ගහනවා කියන්නේ phone එකේ company ඒකෙන් දෙන්නෙ නැති anroid version විවිධ පුද්ගලයන් විසින් හදපු ඒවාද?

      ReplyDelete
    5. මගේ ලග තියෙන panasonic phone එකක් එක ඔන් වෙන්නෑ ලෝගෝ එක වැටුන විතරයි එකට software ගහන්නෙ කොහොමද pc එකෙන් පොඩ්ඩක් කියල දෙන්න

      ReplyDelete
    6. මගේ ලග තියෙන panasonic phone එකක් එක ඔන් වෙන්නෑ ලෝගෝ එක වැටුන විතරයි එකට software ගහන්නෙ කොහොමද pc එකෙන් පොඩ්ඩක් කියල දෙන්න

      ReplyDelete
    7. මේ වැඩේට internet connection එක ඕනමද? මොකද hoatpot වලින් මම නෙට් යන්නෙ

      ReplyDelete
      Replies
      1. naha bro oyata awashya software eka gaththanam ita passe net one naha

        Delete