IPhone එකක් Reset කරමුද? (no passcode and no computer)

                           
                                 

ඉතින් යාළුවනේ කොහොමද? ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් දාන්නේ..වෙලාවක් තිබ්බේ නැහැ යාළුවනේ. ඉතින් අද හම්බ උන වේලාවෙන් තමා මේ පොඩි පෝස්ට් එක දැම්මේ.ඉතින් මම අද ඔයාලට ගෙනාවේ සරල දෙයක්. ඒත් මේ ගැන හරියටම දන්නේ නැති අය ඇතිනේ ඉතින් එයාලට වැදගත් වෙයි කියලා හිතනවා මම... අද අරන් ආවේ Apple IPhone සම්බන්ද දෙයක්.Android සහ computer ගැනනේ මේකේ තියෙන්නේ.ඉතින් ඒ නිසා Apple ගැනත් ගේමු කියලා හිතුනා.පෝස්ට් එකේ මාතෘකාව දකිද්දිම තේරෙනවනේ මොකක්ද කරන්ඩ යන්නේ කියලා.ඉතින් Android වගේ නෙමේ Apple ෆෝන් එකක් Reset කරනකොට පරිස්සමට කරන්ඩ ඕනේ. ඒ ඇයි කියල තව ඉස්සරහට යද්දි කියන්නම්. හරි පොඩි දේට වැඩි කතා ඕනේ නැහැ. එහෙනම් වැඩේ පටන් ගමු. 



  • මුලින්ම ෆෝන් එකේ අවශ්‍ය මොනාහරි තියෙනවනම් backup එකක් දාගන්ඩ.Setting>icloud>Backup>Back up Now..ඔයාට backup දාන්ඩ අවශ්‍ය දේවල් එතැනදී on කරගන්ඩත් පුළුවන්.(පින්තූරය බලන්ඩ)
                                       

  • වැදගත්ම දේ ඔයාගේ icloud id සහ password එක මතක තියාගැනීම අවශ්‍යයි.මොකද password දන්නැති හෝ අමතක උනොත් ෆෝන් එක ලොක් වෙන්ඩ පුළුවනි ලොක් උනොත් ෆෝන් එකේ ආසාව අත හැර ගන්ඩ තමා වෙන්නේ. මේ බව තමා මම කලින්ම කිව්වේ. password දන්නේ නැත්තම් Reset නොකර ඉන්න එක හොදයි.
  • හරි දැන් අවශ්‍යම දෙයක් කරන්ඩ ඕනා. ඒ තමයි ඔයාගේ icloud එක sing out වෙන්ඩ ඕනා. "පළමුවෙන්ම Find My Iphone කියන එක OFF කරන්ඩ. setting>icloud>Find My IPhone." "දෙවනුව icloud sing out කරන්ඩ. setting>icloud>sing out.." මේ ක්‍රම කරන විට ඔයාගේ icloud password එක ගහන්ඩ ඕනා.(පින්තූරය බලන්ඩ) 

       

  • හරි දැන් sing out කලාට පස්සේ Setting>General>Reset>Erase all content and setting තෝරලා erase iPhone දෙන්ඩ.(පින්තූරය බලන්ඩ)
                                   

  • හරි දැන් Reset කරලා on උනාම setting හදන්ඩ එයි. මුලින්ම language එක තොරන්ඩ , ඊට පස්සේ country එක තොරන්ඩ , wifi connect කරන්ඩ , ඊට පස්සේ ඔයාට icloud එකේ backup කරපුවා ඕනේ නම් එතන තියෙන එක තොරන්ඩ නැත්තම් අලුත් iPhone එකක් වගේ ඕනේ නම් ඒක තොරන්ඩ. 
  • *මුල සිට කරන විදිහ වීඩියෝ එක බලන්ඩ.*
*Youtube*:- <<<Click Here>>>               


වැඩේ ඔච්චරයි.. වැඩේ ගොඩනේ?? මම කලින් කිව්ව වගේ Reset කරද්දී Apple වල security එක ගැනත් හිතල කරන්ඩ. හරි එහෙනම් අදට මම යනවා. මේ වගේම දේවල් අරගෙන එන්නම්. හැබැයි ඉතින් අපිටත් සප් එකක් ඕනේ යාළුවනේ ඒ කිව්වේ කමෙන්ට් එකකින්.එහෙනම් ඔයාලට ජයෙන් ජය!!!

                                       වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.............






                                    

                          

No comments :

Post a Comment