ඔයාගේ Android ෆෝන් එක ලොක් උනාද? එහෙනම් ලොක් එක අරිමුද?

           ඔයාගේ Android ෆෝන් එක ලොක් උනාද? එහෙනම් ලොක් එක අරිමුද?

                                   


Hi :) යාළුවන්නේ...කොහොමද? :)  ඉතින් ගොඩ කාලෙකට පස්සේ මම ඔයාලට තවත් පෝස්ට් එකක් අරගෙන අවා. ඒ තමයි අපි කවුරුත් දන්නවා Android ෆෝන් වල pattern lock ගැන. ඉතින් ගොඩක් අය තමන්ගේ ෆෝන් එකට pattern lock දාලනේ තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ මේ lock එක එකදිගට කිහිප වතාවක් pattern එක වැරදිහට use කලොත් ෆෝන් එක lock වෙනවා කියලා.

ඉතින් සමහරක් අය නම් දන්නවා මේ lock එක අරින්ඩ. දන්නේ නැති අය ෆෝන් shop වලින් හදාගන්නේ එතොකොට එයාලට මුදලක් වැය වෙනවා. :( සමහර shop වල බොරු ගණන් කියනවා කියලත් දන්නවනේ. ඉතින් ඒ වංචා වලට අහුවෙන්නේ නැතුව ඔයාලට ඔයාලගේ ගෙදරදීම මේ lock එක අරින්ඩ පුළුවන්. හැබැයි ෆෝන් එකේ apps, Games, massages,contacts(ෆෝන් එකට save කරලා තියෙන ඒවා) delete වෙනවා. shop එකකින් කලත් ඕකමයි වෙන්නේ. මේක කලාම ඔයා අලුත් ෆෝන් එකක් ගත්තා හා සමානයි.ඉතින් ඔයාට ඔයාගේ ෆෝන් එකේ තියෙන ඒවා අවශ්‍යයි නම් දැන්ම backup එකක් දාලා තියා ගන්ඩ. ඒකට backup apps තියෙනවා. හරි එහෙනම් වැඩේට බහිමු මහලොකු වැඩක් නෙමේ පොඩි වැඩක්.  


  • lock එක අරින්ඩ පියවරවල් 2ක් තියෙනවා. 
  1. ඔයාගේ ෆෝන් එකේ කිසිම දෙයක් delete වෙන්නේ නැතුවා අරින්ඩ පුළුවන්. මෙතැනදී ඔයාගේ ෆෝන් එක සාමාන්‍ය තත්වෙට තියෙනවා.ඒ කිව්වේ ඔයා use කරන විදිහටම ෆෝන් එකේ හැම දෙයක්ම තියෙනවා. හැබැයි මේක හැම ෆෝන් එකකටම වැඩ නැහැ. මේක වැඩ කරන්නේ ඔයාගේ ෆෝන් එකේ internet on කරගන්ඩ පුලුවන්නම් විතරයි. සමහරක් ෆෝන් වල පුළුවන් power button එක ඔබාගෙන ගිටියම option එනවනේ එතන DATA on කරන්ඩ පුලුවන්නම් වැඩේ ගොඩ.එහෙම on කලාම මේ ටික කරන්ඩ.
  • මුලින්ම power  button එකඔබලා data on කරගන්ඩ.
  • ඊට පස්සේ ඔයාගේ ෆෝන් එක lock උනාම යටින් තියෙනවා forgot pattern කියලා එකට ක්ලික් කරන්ඩ.
                               

  • එතන එයි username (email) , password කියලා තියෙයි එතැනට ඔයාගේ google account එක ගහන්ඩ. මතක තියාගන්ඩ ගහන්ඩ ඕනේ ඔයා ෆෝන් එකට ගහලා තියෙන account එක. (ඒක දන්නවනේ play store එකේ ගහපු එක හික්ස්........... :D :D :D ) 
                               

  • username (email) , password එතන ටයිප් කරලා sing in කලාම ඔයාට new pattern lock එකක් දාන්ඩ කියනවා. ඉතින් සාමාන්‍ය විදහට ඔයාට කැමති new pattern lock එකක් දාන්ඩ පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එක සාමාන්‍ය විදිහට on වෙනවා. කැමතිනම් pattern lock  එක අයින් කරන්ඩ ඒකට setting ගිහින් සාමාන්‍ය විදිහට කරන්ඩයි තියෙන්නේ. 


    2. මේ ක්‍රමේ ඕනෙම Android ෆෝන් එකටම හරි යනවා මේකෙන් කරන්නේ reset කරන එක. මේකෙදි ඔයා අලුත් ෆෝන් එකක් ගත්තා හා සමානයි. apps, Games, massages,contacts(ෆෝන් එකට save කරලා තියෙන ඒවා) delete වෙනවා. ඉතින් ඔයාට ඒවා අවශ්‍යයි නම් කලින් කිව්වා වගේ දැන්ම backup එකක් දාලා තියාගන්ඩ.
  • මුලින්ම ඔයාගේ ෆෝන් එක off කරගන්ඩ.
  • ඊට පස්සේ මේ button තුනම එකවර ඔබන්ඩ “Volume up + Home Key + Power Button” සමහර ෆෝන් වල Home button එක නැත්තම්  "volume up+ Power Button" එකවර ඔබගෙන ඉන්ඩ on වෙද්දීම button තුනම අත ඇරින්ඩ. 
  • දැන් secret terminal interface එක දිස්වේ. volume key ආදාරයෙන් තමා menu එකේ උඩට,යටට යන්නේ.ok කරන්ඩ Home Key එක ඔබන්ඩ.
  • දැන් wipe data/ factory reset කියන එක දෙන්ඩ.
                               


  • ඊට පස්සේ yes --delete all user data කියන එකට දෙන්ඩ.
                                       

  • reset උනාට පස්සේ මුල option එකට එයි එතන reboot system now කියන එකට දෙන්ඩ.
                                           

වැඩේ හරි දැන් ඔයාගේ ෆෝන් එක off  වෙලා auto on වෙයි. ඊට පස්සේ ඉතින් අලුත් ෆෝන් එකක් ගත්තම setting හදනවා වගේ හදන්ඩ තමා තියෙන්නේ..කොහොමද වැඩේ ගොඩ නේ. දැන් shop වලට සල්ලි දෙන්නේ නැතුව ඒ සල්ලි ඉතුරු කරගන්ඩ පුළුවන්. එහෙනම් යාළුවනේ අදට නවතිනවා.තව දේවල් අරගෙන එන්නම්. ඔයාලට ජයෙන් ජය!!!! :) :) :)

                                            වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.............




No comments :

Post a Comment