ඔන්න අද ගෙනාවා සුපිරි Application එකක් Xposed කියලා.ඉතින් මේකෙන් ඔයාගේ Android Phone එකට සුපිරි වැඩ කිඩ දාන්ඩ පුළුවන්.ඉතින් දාන්ඩ පුළුවන් වැඩකිඩ වලින් 1ක් ගැන තමා අද පොස්ට් එකෙන් කියලා දෙන්නේ. ඉතින් මේ xposed කියන Application එක Phone එකට install කරගන්ඩ නම් Phone එක ROOT කර තිබිය යුතුයි. තාම ROOT කරගන්ඩ නොදන්න කෙනෙක් ඉන්නවනම් Root කරන විදිහ මෙතනින් බලාගන්ඩ.ඉතින් මේ Application එක දාගත්තට බයවෙන්ඩ එපා phone එකට හානියක් වෙන්නේ නැහැ. හරි වැඩි කතා නැතුව මුලින්ම බලමු xposed install කරගන්නේ කොහොමද කියලා.
* How to install Xposed framework*
01:- මුලින්ම Xposed framework එක Download කරගෙන install කරගන්ඩ.
Xposed framework (612KB Marshmallow or Lollipop OS.) :- <<<Click Here>>>
02:- දැන් install කරපු xposed Application එක open කරගන්ඩ.
03:- open කලාම framework කියල ඇති ඒකට යන්ඩ.
04:- ඒකේ active කියල ඇති ඒක රතු පාටින් පෙන්නයි ඒ කියන්නේ තාම active වෙලා නැහැ කියලා. එතැන ඇති install/updates කියලා ඒක click කරන්ඩ.
05:- install/updates click කලාම reboot කරන්ඩ කියල එයි reboot කරන්ඩ. නැතහොත් එතන reboot කියල තියෙන තැනට click කරන්ඩ.
06:- phone එක off වෙලා නැවත on උනාම Xposed Application එක open කර නැවත framework කියන එකට යන්ඩ දැන් පෙනෙයි active කියන තැන කොළ පාටින්.ඒ කියන්නේ xposed active වෙලා කියලා.
හරි එහෙනම් Xposed install කරන් active කරගෙනත් ඉවරයි දැන් බලමු කොහොමද battery icon, bluetooth icon, Status Bar එකට Name එකක් දාගන්නේ කොහොමද කියලා.
*How to change Signal , Wifi , Battery icons and Write Your Name On Status Bar*
01:- xposed open කරලා ඒකේ Download කියන එකට යන්ඩ .
02:- Download කියන එකට ගිහින් search කරන්ඩ Flat style Bar Indicators කියලා එතොකොට එම Application එකේ version පෙන්නයි new එක හෝ ඔයාගේ android version එකට ගැලපෙන එක ගන්ඩ.
03:- ඉතින් Flat style Bar Indicators Download වෙලා ඉවර උනාට පස්සේ Xposed Application එකේ Modules කියන එකට යන්ඩ එතන ඔයා Download කරපු Flat style Bar Indicators App එක පෙන්නුම් කරයි. ඒ App එක ඉස්සරහින් ඇති පොඩි කොටුවට හරි ☑ ලකුණ දාන්ඩ.
04:- හරි ☑ ලකුණ දැම්මට පස්සේ Xposed Application එකේ Framework කියන එකට යන්ඩ. එතැන Reboot කියන එක click කරන්ඩ.එතොකොට phone එක reboot වෙයි.(phone එක off වෙලා නැවත on වෙයි)
05:- දැන් phone එක off වෙලා නැවත on උනාට පස්සේ ඔයාගේ phone එකේ Flat style Bar Indicators App එක පෙන්නුම් කරයි. ඊට පස්සේ ඒ App එක open කරලා ඔයාට කැමති විදිහට එහි ඇති දේවල් වෙනස් කරගන්ඩ.
06:- ඉතින් status bar එකේ name එක දාගන්නේ Flat style Bar Indicators App එකේ carrier කියල ඇති ඒකට යන්ඩ එතැන custom text කියන තැන ඔයාට අවශ්‍ය Name එක ටයිප් කරන්ඩ.
ඉතින් ඔච්චරයි ඔය ගැන කියන්ඩ තියෙන්නේ.මම හිතනවා වැඩේ ලෙසටම තේරුනා ඇති කියලා.ඉතින් මේ App එකෙන් ඔයා වෙනස් කරන icon වල පාට වෙනස් කරගැනීමටද පුළුවනි. ඒ වගේම මතක් කරලා shear කරන්ඩ. ඉතින් ගැටළුවක් තියෙනවනම් comment එකක් දාන්ඩ....ඊට අමතරව තව දේවල් ගැන දැනගන්ඩ ඕනනම් comment එකක් දාන්ඩ.එහෙනම් මම යනවා මේ වගේ තවත් දේවල් අරගෙන එන්නම් එහෙනම් ජය වේවා!!!
වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න............
No comments :
Post a Comment