Xposed Modules (GravityBox) install කරගන්නා ආකාරය (Xposed 02)

                                                   

           හායි යාළුවනේ. :) ගොඩක් කාලෙකින් පොස්ටුවක් දාන්නේ ඉතින් අද ගෙනාවා සුපිරි Application එකක් GravityBox කියලා.ඉතින් මේකෙන් ඔයාගේ Android Phone එකට පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරන්ඩ පුළුවන් ඒ කිව්වේ ටිකක් ලස්සන කරලා ගන්ඩ පුළුවන්.ඉතින් ඔයාලා කැමති වෙයි මේ Application එකට. ඉතින් මේ  Application එකෙන් වැඩක් ගන්ඩ නම් ඔයාගේ phone එකට Xposed Framework කියන Application එක install කර තිබිය යුතුයි. තාම  Xposed Framework install කරගන්ඩ නොදන්න කෙනෙක් ඉන්නවනම් install  කරන විදිහ මෙතනින් බලාගන්ඩ.ඉතින් මේ Application එක දාගත්තට බයවෙන්ඩ එපා phone එකට හානියක් වෙන්නේ නැහැ. හරි වැඩි කතා නැතුව වැඩේ පටන් ගමු.





01. මුලින්ම මෙතනින් ඔයාගේ Android version එකට ගැලපෙන GravityBox Application එක Download කරගන්ඩ.
GravityBox [JB] (6.67MB) :- <<<Click Here>>>

GravityBox [KK] (4.94MB) :- <<<Click Here>>>

GravityBox [LP] (4.63MB) :- <<<Click Here>>>

GravityBox [MM] (4.33MB) :- <<<Click Here>>>

02. Download කරගත්තු GravityBox Application එක install කරගන්ඩ.

03. දැන් Xposed installer කියන Application එකට යන්ඩ. (මුලින්ම Xposed Framework install කර තිබිය යුතුයි)

04. Xposed ඇප් එකේ Modules කියන එක open කරගන්ඩ.

05. Modules open කලාට පස්සේ ඔයා Download කරපු GravityBox App එක පෙන්නුම් කරයි. ඒ App එක ඉස්සරහින් ඇති පොඩි කොටුවට හරි ☑ ලකුණ දාන්ඩ.

06. හරි ☑ ලකුණ දැම්මට පස්සේ Xposed Application එකේ Framework කියන එකට යන්ඩ. එතැන Reboot කියන එක click කරන්ඩ.එතොකොට phone එක reboot වෙයි.(phone එක off වෙලා නැවත on වෙයි)

05:- දැන් phone එක off  වෙලා නැවත on උනාට පස්සේ GravityBox  App එක open කරලා ඔයාට කැමති විදිහට එහි ඇති දේවල් වලින් වෙනස් කරගන්ඩ.

                                                                නැතහොත් 

01:- xposed open කරලා ඒකේ Download කියන එකට යන්ඩ .

02:- Download කියන එකට ගිහින් search කරන්ඩ GravityBox කියලා එතොකොට එම Application එකේ version පෙන්නයි. new එක හෝ ඔයාගේ android version එකට ගැලපෙන එක ගන්ඩ. (සමහර විට [LP] සහ [MM] version පෙන්නුම් නොකරයි xposed හරහා download කරන විට)

03:- ඉතින් GravityBox Download  වෙලා ඉවර උනාට පස්සේ install කරන්ඩ කියල එයි install click කරන්ඩ.ඉන්පසු Xposed Application එකේ Modules කියන එකට යන්ඩ එතන ඔයා Download කරපු GravityBox App එක පෙන්නුම් කරයි. ඒ App එක ඉස්සරහින් ඇති පොඩි කොටුවට හරි ☑ ලකුණ දාන්ඩ.

04:- හරි ☑ ලකුණ දැම්මට පස්සේ Xposed Application එකේ Framework කියන එකට යන්ඩ. එතැන Reboot කියන එක click කරන්ඩ.එතොකොට phone එක reboot වෙයි.

05:- දැන් phone එක off  වෙලා නැවත on උනාට පස්සේ ඔයාගේ phone එකේ GravityBox  App එක පෙන්නුම් කරයි. ඊට පස්සේ ඒ App එක open කරලා ඔයාට කැමති විදිහට එහි ඇති දේවල් වලින් වෙනස් කරගන්ඩ.
  
*GravityBox App එකෙන් කරන්ඩ පුළුවන් දේවල්.

       * Lock screen වෙනස් කරන්ඩත්   
       * ඩේටා ස්පීඩ් පෙන්නන්ඩත්  
       * Time එක සෙන්ටර් කිරීම,පාට කිරීම සහ නොපෙන්වන්ඩත්  
       * power menu එකට screen shot, screen record ඇඩ් කරගන්ඩත්  
       * බැට්‍රි අයිකන් පාට කිරීම, බැට්‍රි ධාරිතාව පෙන්නන්ඩත් 
       * navigation bar දා ගන්ඩත්, පාට කරන්ඩත් 
       * තව ගොඩාක් දේවල්  කරගැනීමට පුළුවනි.

ඉතින් ඔච්චරයි ඔය ගැන කියන්ඩ තියෙන්නේ.මම හිතනවා වැඩේ ලෙසටම තේරුනා ඇති කියලා. ඒ වගේම යාළුවන්ටත් දැනගැනීමට මතක් කරලා  shear කරන්ඩ. ඉතින් ගැටළුවක් තියෙනවනම් comment එකක් දාන්ඩ....ඊට අමතරව තව දේවල් ගැන දැනගන්ඩ ඕනනම් comment එකක් දාන්ඩ.එහෙනම් මම යනවා මේ වගේ තවත් දේවල් අරගෙන එන්නම් එහෙනම් ජය වේවා!!!


                                                   වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න............





No comments :

Post a Comment