පරිගණකයට එන කරදරකාරී Virus software අයින් කරමුද?

              පරිගණකයට එන කරදරකාරී Virus software අයින් කරමුද?

                               


ඉතින් යාළුවනේ ඔන්න මන් අද අරගෙන ආවා පරිගණක පාවිච්චි කරන සහ පරිගණකයට ආදරේ කරන අයට හොද පොස්ට් එකක්.ඒ තමා අපි කවුරුත් දන්න Virus ගැන. ඉතින් මේ virus එක චයිනිස් මෘදුකාංගයක්.(Chinese software) ඉතින් මේක ගොඩක් වෙලාවට අපි මොකක් හරි software එකක් download කරලා පරිගණකයට install කලොත් මේ Chinese virus software එක ඉබේම ඔයාගේ පරිගණකයට install වෙනවා.හැම software එකකම මේ virus එක නැහැ. සමහරක් softwares වල පමණයි ඇත්තේ.

ඉතින් මේ virus software එක නිසා පරිගණකය slow වීමට අවස්තාව ඇත. මේ software එකෙන් තවත් වෙන වෙන softwares ද ඉබේම install වෙනවා. මේ software එක තමා ප්‍රදානම එක. ඉතින් මේ software එක uninstall කලාට නැවත ඉබේම install වෙනවා.ඒ වගේම මේකේ අනිත් software ත් එසේම install වෙනවා.මම අද කියල දෙන්ඩ යන්නේ ඉබේම install වෙන virus software එක නැති කරලම දාන්නේ කොහොමද කියලා. එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු.මුලින්ම software එකේ පින්තූරේ බලන්ඩ.





  • හරි එහෙනම් වැඩේ කරමු. මුලින්ම Task Manager ඕපන් කරගන්ඩ එකේ processes කියන එකට ගිහින් ඔයාගේ Chinese software එක ක්ලික් කරලා End Processes ක්ලික් කරන්ඩ.
             


                                         


  • ඔයා End Processes කරන්ඩ කරන්ඩ නැවත ඒ software එක running වෙන්ඩ ගනී. ඊට පස්සේ ඔයා ඒ software එක හොයාගන්ඩ ඕනා.එකට ඔයා End කරන්ඩ ගිය software එක Right click කරලා open file location කියන එක තොරන්ඩ. දැන් ඔයා දන්නවා ඔයාගේ Chinese virus software එක කොතනද තියෙන්නේ කියලා.
  • ඊට පස්සේ එකට ක්ලික් කරන්ඩ Windows button (ඒ කිවුවේ කීබෝර්ඩ් එකේ වම් පැත්තේ තියෙන alt button එකට එහාපැත්තෙ තියෙන button එක) එකයි R අකුරයි. Windows+r
  • ඊට පස්සේ ඕපන් වෙන Run bar එකේ msconfig කියලා ටයිප් කරලා enter ක්ලික් කරන්ඩ
  • එතොකොට system configuration කියල ඕපන් වෙයි එකේ boot කියන එකට ගිහින් safe boot කියන එකට හරි ලකුණ දාලා apply > ok දෙන්ඩ.ඊට පස්සේ  Restart දෙන්ඩ.
                                   

  • දැන් ඔයාගේ පරිගණකය safe mode ලෙස on වෙයි. ඊට පස්සේ නැවත Task Manager ඕපන් කරගන්ඩ එකේ processes කියන එකට ගිහින් ඔයාගේ Chinese software එක ක්ලික් කරලා End Processes ක්ලික් කරන්ඩ.එතොකොට running වෙන එක නැවතී.නමුත් තාම වැඩේ ඉවර නැහැ.
  • දැන් යන්ඩ My Computer එකට ගිහින් Local disk (c) ඕපන් කරගන්ඩ.එකේ තියෙන programme file (x86) folder එක ඕපන් කරගන්ඩ. ඊට පස්සේ හොයා ගන්ඩ ඒ ෆෝල්ඩර් එක ඇතුලේ තියෙනවා Tencent කියල folder එකක් එක ඕපන් කරගෙන QQPCMgr කියන folder එකත් ඕපන් කරගෙන ඊට පස්සේ තියෙන folder 2න්  පලවෙනි folder එක ඕපන් කරගන්ඩ. (අංක වලින් තියෙන folder එක) My Computer > Local disk (c) > programme file (x86) > Tencent > QQPCMgr.
  • folder 2න්  පලවෙනි folder එක (අංක වලින් තියෙන folder එක) ඕපන් කලාට පස්සේ ඒකේ තියෙන uninstall කියන file එක හොයාගන්ඩ. (Ex :- uninst කියන එක)
                                     



  • හොයාගත්තට පස්සේ ඩබල් ක්ලික් කරන්ඩ. ඊට පස්සේ ඕපන් වෙන එකේ වම් පැත්තේ තියෙන එක ක්ලික් කරන්ඩ. දැන් පොඩි කොටු 3නේම හරි ලකුණු දාලා නැවත වම් පැත්තේ තියෙන එක ක්ලික් කරන්ඩ. ඊට පස්සේ නැවතත් වම් පැත්තේ තියෙන එක ක්ලික් කරන්ඩ. දැන් unistall වෙයි.ඊට පස්සේ close දෙන්ඩ.
               



           

  • දැන් ඔයා නැවත programme file (x86) කියන එකට ගිහින් Tencent කියන folder එක delete කරන්ඩ. 
                       

  • එතොකොට try again කියලා එයි. නැවතත් ඔයා  Windows+r ක්ලික් කරලා  Run bar එකේ msconfig කියලා ටයිප් කරලා enter ක්ලික් කරන්ඩ. එතොකොට නැවතත් system configuration කියල ඕපන් වෙයි එකේ boot කියන එකට ගිහින් safe boot කියන එකේ හරි ලකුණ අයින් කරලා apply > ok දෙන්ඩ.ඊට පස්සේ  Restart දෙන්ඩ.
  • ඊට පස්සේ පරිගණකය ඕපන් වෙන්නේ safe mode විදිහට නෙමේ. දැන් නැවත My Computer > Local disk (c) > programme file (x86) යන්ඩ දැන් එකේ තියෙන Tencent folder එක delete කරන්ඩ.
  • තාම ඉවර නැහැ. දැන් නැවත Windows+r ක්ලික් කරලා  Run bar එකේ %appdata% කියලා ටයිප් කරලා enter ක්ලික් කරන්ඩ.
  • දැන් එතන තියෙන Tencent folder එක හොයාගෙන delete කරන්ඩ.
  • දැන් appdata යන්ඩ ඒකේ තියෙන Local කියන folder එක ඕපන් කරගෙන ඒකේ හොයන්ඩ Tencent folder එක.සමහර විට එතන නැති වෙයි. එතන තිබුනොත් එතනිනුත් delete කරන්ඩ.
                               
  •  ඊට පස්සේ LocalLow කියන folder එක ඕපන් කරගන්ඩ. ඒකෙත් හොයන්ඩ Tencent folder එක.සමහර විට එතනත්  නැති වෙයි. එතන තිබුනොත් එතනිනුත් delete කරන්ඩ. දැන් ඉවරයි වැඩේ.
කොහොමද යාළුවනේ වැඩේ ගොඩනේ.මන් හිතනවා ඔයාලගේ වැඩේ සාර්ථකයි කියලා. එහෙනම් යාළුවනේ දැනට මම යනවා.ඔයාලට ජයෙන් ජය!!!!


                                    වැඩේ හොදයිනම් මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙනම යන්ඩ......






No comments :

Post a Comment