Hi යාළුවනේ ඔන්න මම අදත් ට්‍රික්ස් එකක් අරන් ආවා.දන්න අයත් ඉන්නවා ඒ වගේම මම හිතනවා නොදන්නා අයත් ඇති කියලා.ඔයාලත් ආසද ඔයාලගේ පරිගණකයේ ෆයිල් ලස්සන කරගන්ඩ.ඒ කිව්වේ අපි අලුත් ෆයිල් එකක් ඕපන් කලාම එක නිකන්ම නිකන් ෆයිල් එකක් වගේනේ පෙන්නේ මෙන්න මේ වගේ,
ඉතින් ඒකට අපිට කැමති පාටක් නැත්තම් කැමති පින්තුරයක් වගේ දාන්නේ කොහොමද? මෙන්න මේ වගේ,
ඕවාට අමතරව තව පින්තුර දාන්ඩ පුළුවන්. විශේෂයෙන් කියන්ඩ ඕනේ අපිට කැමති පින්තුරද බාගෙන අයිකන් විදිහට හදාගෙන දාන්ඩ පුළුවන්. මම හිතනවා මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි.විශේෂයෙන් සින්දු එහෙම ෆයිල් විදිහට දාලා තියෙනවනම් ඒ සින්දු වලට ගැලෙපෙන විදිහට ෆයිල් එක සකස් කරගෙන ලස්සනට තියාගන්ඩ පුළුවන්.කවුරුත් ඒකට කැමති නේ.මම හිතනවා ඔව් කියලා.මොකද ගොඩක් අය ආස තමන්ගේ පරිගණකය ලස්සනට පිළිවෙලකට තියාගන්ඩ.හරි එහෙනම් වැඩේට බහිමු වැඩි කතා නැතුව.මුලින්ම මම දාලා තියෙන ලින්ක් වලට ගිහින් කැමති පින්තුර ඒකෙනුත් හොයල බාගන්ඩ.
ඔය මම දාපු ලින්ක් පාවිච්චි කරලා බලන්ඩ ඔයාලට හරියන පින්තුර තියෙනවද කියල.අයිකන් බාගන්නේ මෙහෙමයි මම පිළිවෙලට කියල දෙන්නම්.
- "Icons 1" :- ඕපන් කරගන්ඩ මේ විදිහට එයි.
- ඔතන රතු පාටින් මාක් කරල තියෙන තැන් වලට ක්ලික් කරලා ලස්සන ඒවා හොයන්ඩ පුළුවන්.නැත්තම් සර්ච් කරලා හොයාගන්ඩ පුළුවන්.
- කැමති එකක් තෝර ගත්තට පස්සේ ටිකක් මවුස් එක යටට ගේන්ඩ.ඊට පස්සේ එම පින්තුර පැක් එකෙන් කැමති එකකට ක්ලික් කරන්ඩ.
- ඊට පස්සේ Download ICO කියන එකට ක්ලික් කරන්ඩ.
- "Icons 2" :- ඕපන් කරගන්ඩ මේ විදිහට එයි.
- කැමති එකක් තෝර ගත්තට පස්සේ ඒකට ක්ලික් කරලා ඒකේ තියෙන Download ICO Files එකට ක්ලික් කරලා බාගන්ඩ.
- තව දෙයක් ඔයාලා කැමති පින්තුරයක් ගූගල් එකේ සර්ච් කරල බගත්තනම් ඒ පින්තුර ෆෝල්ඩර් අයිකන් විදිහට හදාගන්ඩ ඕනේ ඒකට තුන්වෙනි ලින්ක් එකට යන්ඩ.
- ඒකට ගිහින් ෆෝල්ඩර් අයිකන් එකේ සයිස් එකට හදාගන්ඩ.
- ඕකේ තියෙන choose file ක්ලික් කරල පින්තුරේ හොයාගෙන ඊට පස්සේ convert file කියන එකට ක්ලික් කරන්ඩ අයිකන් එකක සයිස් එකට පින්තුරේ හැදිලා ඩව්න්ලෝඩ් වෙයි.
හරි යාළුවනේ දැන් ඔයාලා කැමති අයිකන් එකක් බාගත්තට පස්සේ කරන්ඩ තියෙන්නේ ඒ අයිකන් එක ෆෝල්ඩර් එකට සකස් කරන්නේ කොහොමද කියල.මේ විදිහට කරන්ඩ.හරිම ලෙසී.
- හරි දැන් ඔයාලගේ ෆෝල්ඩර් එකේ right click කරලා properties යන්ඩ. ඒකේ තියෙන customize කියන එකට ක්ලික් කරන්ඩ.
- ඊට පස්සේ change icon කියන එකට ක්ලික් කරන්ඩ.
- ඊට පස්සේ browse කියන එකට ක්ලික් කරලා ඔයා ඩව්න්ලෝඩ් කරගත්තු අයිකන් එක සිලෙක්ට් කරල ok ක්ලික් කරන්ඩ.
- හරි දැන් ඔයාට පෙනෙයි ඔයාගේ අයිකන් එක.ඊට පස්සේ ඔතන තියෙන Apply කියන එකට ක්ලික් කරල ok කියන එකට ක්ලික් කරන්ඩ.
No comments :
Post a Comment