පරිගණකයේ mouse pointer එක ලස්සන කරගන්නේ කොහොමද?

පරිගණකයේ mouse pointer එක ලස්සන කරගන්නේ  කොහොමද?

                                                              


Hi යාළුවනේ මම අදත් සුපිරි වැඩක් ගැනයි ඔයාලට කියලා දෙන්ඩ යන්නේ. ගොඩක් අය මේ ගැන දන්නවා,මේක කරන විදිහත් දන්නවා.කමක් නැහැ මම හිතනවා දන්නේ නැති කෙනෙකුට මේක වැදගත් වෙයි කියලා . හරි යාළුවනේ මොකක් ගැනද මන් කියන්ඩ යන්නේ කියල මාතෘකාවේ තියෙනවනේ. ඔයාලත් කැමතිද ඔයාලගේ පරිගණකයේ mouse pointer එක ලස්සන කරගන්ඩ.ඒකට කරගන්ඩ තියෙන්නේ ලස්සන ලස්සන mouse pointer බාගන්ඩ.ok එහෙනම් යාළුවනේ වැඩේට බහිමු.

  • පළමුවෙන්ම මන් දාලා තියෙන ලින්ක් එකට ගිහින් ඔයාලා කැමති එකක් හොයාගෙන ක්ලික් කරලා බාගන්ඩ.
                              ---Click Here---

  • කොහොමද බාගන්නේ කියලා මම ස්ක්‍රීන් ෂොට් එකක් දාල තියෙන්නේ ඒ විදිහට බලන් කරන්ඩ.
                            
                           

                                         

  • ok එහෙනම් ඔයා කැමති එකක් බාගත්තට පස්සේ ඔයා බාගත්තු mouse pointer එක ඔයාට හොයාගන්ඩ පහසු තැනකට කොපි කරගන්ඩ.විශේෂයෙන් ඩෙස්ටොප් එකට කොපි කරගත්තොත් ඔයාට ලේසී...
  • ඊට පස්සේ ඔයාගේ පරිගණකයේ control panel එකට යන්ඩ.
  • control panel එකට ගියාට පස්සේ එකේ තියෙන category කියන එකට ක්ලික් කරන්ඩ.
                         
  • ඊට පස්සේ large icons කියන එකට ක්ලික් කරන්ඩ.
                                       
  • large icons කියන එකට ක්ලික් කලාට පස්සේ එකේ තියෙන mouse කියන එකට ක්ලික් කරන්ඩ.
                                     

  •  mouse කියන එකට ක්ලික් කලාට පස්සේ mouse properties කියන එක ඕපන් වෙනවා.ඒකේ pointers කියන එකට ක්ලික් කරන්ඩ.
                                       
  • ඊට පස්සේ ඒකේ තියෙන browser කියන තැනට ක්ලික් කරන්ඩ.
                                       
  •  browser කියන තැනට ක්ලික් කලාට පස්සේ ඔයා බාගත්තේ තැනින් ඔයා බාගත්තු ලස්සන mouse pointer එක සිලෙක්ට් කරලා ඕපන් කියන තැනට ක්ලික් කරන්ඩ.
                                     


  • දැන් ඔයාට පෙනෙයි ඔයා බාගත්තු mouse pointer එක ඇඩ් වෙලා තියෙනවා.ඊට පස්සේ Apply කියන තැනට ක්ලික් කරලා ok කියන තැනට ක්ලික් කරන්ඩ.
                                       


ok එහෙනම් දැන් ඔයාගේ වැඩේ හරිනේ? දැන් ඔයා බාගත්තු ලස්සන mouse pointer එක ඔයාට පෙනෙයි.

එහෙනම් යාළුවනේ මෙතනින් මම නවතිනවා.ඔයාලට ගැටළුවක් තියෙනවනම් මේ සම්බන්දව කමෙන්ට් කරන්ඩ.



                                      වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාන්ඩ..............











          



2 comments :