ඉතින් යාළුවනේ මම අදත් අරගෙන ආවා android apps pc එකෙන් run කරන්ඩ පුළුවන් තවත් මෘදුකාංගයක්.
ඔයාලට මතක ඇතිනේ මම කලිනුත් ගෙනාවා android apps pc එකේ run කරන්ඩ පුළුවන් Bluestack කියල මෘදුකාංගයක්. ඉතින් අද ගෙනාවේ Bluestack වලට වඩා සුපිරි මෘදුකාංගයක්. ඒ තමයි Nox App Player කියලා. Android apps pc එකෙන් run කරන්ඩ බලාපොරොත්තුවෙන් ඉන්න යාළුවන්ට හොද පෝස්ට් එකක් වෙයි කියල මම හිතනවා. ඉතින් මේක bluestack වලට වඩා ගොඩාක් හොදයි. මොකද මේකේ app එකක් හෝ game එකක් ඕපන් කරනකොට ads එන්නේ නැහැ.
නමුත් bluestack එකේනම් ඒ කරදරේ එනවනේ ඉතින් ඒක ලොකු අවුලක්නේ. ඒ වගේම මේකේ විශේෂත්වයක් තියෙනවා ඒ තමයි Nox App Player කියන මෘදුකාංගයේ Android Version එක KitKat 4.4.2 ඒ වගේම මේ මෘදුකාංගය අපි පාවිච්චි කරන smart ෆෝන් එකක් සහ tablet එකක් වගේ පරිගණකයේ පෙන්නුම් කරන්නේ. ඉතින් මං හිතනවා මේ මෘදුකාංගය ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් වැඩි කතා නැතුව Nox App Player කියන මෘදුකාංගයෙන් Android apps pc එකෙන් run කරන්නේ කොහොමද කියල බලමු.
මුලින්ම Nox App Player කියන මෘදුකාංගය මෙතනින් බාගන්ඩ.
බාගත්තට පස්සේ install කරන්ඩයි තියෙන්නේ ඉතින් ඒක කරන්ඩ කාටත් පුළුවන් කියල මම හිතනවා. ඔයා install කරගෙන යන අතර තුරේ would you like to install this device software? කියල එයි එතනදී install කියන තැනට ක්ලික් කරන්ඩ.
install උනාට පස්සේ Nox App Player ඕපන් වෙයි. අපි කවුරුත් දන්නා Play Store කියන app එක තියෙනවා ඒක ඕපන් කරන්ඩ. ඕපන් කරද්දී google account එකක් දෙන්ඩ කියනවා. ඔයා ලග account එකක් තියෙනවා නම් Existing ක්ලික් කරලා account එක දෙන්ඩ. account එකක් නැත්තම් new ක්ලික් කරලා account එකක් හදාගන්ඩ. ඊට පස්සේ පුළුවන් android apps සහ games ඔයාගේ පරිගණකයෙන් වැඩ කරන්ඩ. වැඩේ එළනේ යාළුවනේ. එහෙනම් යාළුවනේ මම යනවා ජය වේවා!!!
වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාගෙනම යන්ඩ......
nice job..
ReplyDeleteThank you #Dimuthu
Delete