ඉතින් යාළුවනේ ඔන්න මම අද අරගෙන ආවා වැදගත් ලිපියක්. ඒ තමා USB Pen drive එකකින් කොහොමද පරිගණකයට windows දාගන්නේ කියලා.ඉතින් ගොඩක් අය windows දාගන්නේ cd වලින් නේ. ඉතින් සමහරක් විට cd එක සීරිලා තිබුනොත් පරිගණකයට windows දාගැනීමට අපහසු වෙනවා. නමුත් USB එකකින් windows දාගැනීමේදී එවැනි අපහසු තත්වයක් එන්නේ නැහැ. ඉතින් cd වලට වඩා මේ ක්‍රමය ගොඩක් හොදයි කියල හිතනවා. ඒ වගේම මේ ක්‍රමේ කරගැනීමට නම් USB එක Bootable USB Pen drive එකක් කරගන්ඩ ඕනා. ඉතින් ඒ ක්‍රමේට softwares තියෙනවා නමුත් මම අද කියල දෙන්නේ කිසිම software එකක් නැතුව මේ වැඩේ කරගන්න විදිහ. software එකට වඩා අද මම කියල දෙන ක්‍රමේ ගොඩාක් සාර්ථකයි. වැඩි කතා නැතුව වැඩේට බහිමු. නිවැරදිව කරගන්ඩ.
- මුලින්ම කියන්ඩ ඕනා මතක තියාගන්ඩ වැදගත් දෙයක් ඒ තමා මේ ක්‍රමේ කරගැනීම සදහා අඩුම 4GB pen drive වත් ඕනා.
- ඊට පස්සේ pen drive එක format කරගන්ඩ ඕනා. හරි එහෙනම් වැඩේ කරමු. මතක ඇතුව pen drive එක පරිගණකයට connect කරන්ඩ.
- දැන් ඔයාගේ start එකේ searching bar එකට ගිහිල්ලා cmd කියල ටයිප් කරලා ඒකේ එන cmd එක උඩ right click කරලා run as administrator දෙන්ඩ.
- ඊට පස්සේ c:\windows\system32> කියන තැන ඉදිරියෙන් diskpart ටයිප් කරලා enter දෙන්ඩ.
- ඊට පස්සේ DISKPART> කියන තැන ඉදිරියෙන් list disk කියල ටයිප් කරලා enter දෙන්ඩ.
- ඊට පස්සේ මේ වගේ එයි. (පින්තූරය බලන්ඩ)
- ඔතනින් ඔයා ඔයාගේ pen drive එක හොයාගන්ඩ ඕනේ. ගොඩක් වෙලාවට disk 1 කියන්නේ ඔයාගේ pen drive එක තමා. හොදම දේ ඔයාගේ pen drive එකේ GB ගාන මතක තියාගෙන ඉන්නවානම් හොයාගන්ඩ පහසුයි ඔයාගේ pen drive එක.
- ඊට පස්සේ DISKPART> කියන තැන ඉදිරියෙන් select disk 1 (1 or ..) කියල ටයිප් කරලා enter දෙන්ඩ.
- ඔයා නිවැරදිව කලොත් (disk 1 is now the selected disk) ලෙස පෙන්නුම් කරයි.
- ඊට පස්සේ DISKPART> කියන තැන ඉදිරියෙන් clean කියල ටයිප් කරලා enter දෙන්ඩ.
- එතොකොට ඔයාට (diskpart succeeded in cleaning the disk) ලෙස පෙන්නුම් කරයි.
- දැන් අපි pen drive එක partition කරගන්ඩ ඕනා. ඒ නිසා DISKPART> කියන තැන ඉදිරියෙන් create partition primary කියල ටයිප් කරලා enter දෙන්ඩ. වැඩේ හරිනම් (DiskPart succeeded in creating the specified partition) ලෙස පෙන්නුම් කරයි.
- ඊට පස්සේ DISKPART> කියන තැන ඉදිරියෙන් select partition 1 කියල ටයිප් කරලා enter දෙන්ඩ.(මතක තියාගන්ඩ 1 කියන තැනට ඔයා කලින්ම තෝරපු diskpart .... ඒ ඉලක්කමයි දෙන්නේ කියලා )
- දැන් තියෙන්නේ active කරගන්ඩ. (අපි select කරපු partition එකයි active කරගන්ඩ ඕනේ) ඒ නිසා DISKPART> කියන තැන ඉදිරියෙන් active කියල ටයිප් කරලා enter දෙන්ඩ.
- active වෙලානම් (diskpart marked the current partition as active) ලෙස පෙන්නුම් කරයි.
- දැන් කරන්ඩ තියෙන්නේ නිවැරදිව ගැලපෙන ආකාරයට format කරන්ඩයි. ඒ නිසා DISKPART> කියන තැන ඉදිරියෙන් format fs=ntfs quick ලෙස ටයිප් කරලා enter දෙන්ඩ. එසේ කලත් format උනේ නැතහොත් බය නැතුව DISKPART> කියන තැන ඉදිරියෙන් format fs=fat32 quick කියල ටයිප් කරලා enter කරන්ඩ.එතොකොට 100 percent completed ලෙස පෙන්නුම් කරයි.
- දැන් pen drive එක හැදින්වීම සදහා අකුරක් දෙන්ඩ ඕනා ඒ සදහා DISKPART> කියන තැන ඉදිරියෙන් assing කියල ටයිප් කරලා enter දෙන්ඩ. එතොකොට (diskpart successfully assingned the drive letter or mount point) ලෙස පෙන්නුම් කරයි.
- ඊට පස්සේ DISKPART> කියන තැන ඉදිරියෙන් exit කියල ටයිප් කරලා enter කරන්ඩ.
- ඔයාගේ pen drive එක දැන් bootable pen එකක් ලෙස සකස් වෙලා ඉවරයි. දැන් ඔයාගේ windows (xp or vista or 7 or 8 or 8.1 or 10) cd එකේ තියෙන සෑම file එකක්ම copy කරලා pen drive එකේ paste කරන්ඩ. නිවැරදිව කලානම් දැන් ඔයාට පුළුවන් pen drive එකෙන් windows දාගන්ඩ.
කොහොමද යාළුවනේ වැඩේ ගොඩනේ.අවුලක් නම් කමෙන්ට් එකකින් කියන්ඩ.එහෙනම් මම යනවා.ඔයාලට ජයෙන් ජය!!!
වැඩේ හොදයිනම් මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙනම යන්ඩ......
Meka karana wena softwere ekak nedda.
ReplyDeletewintoflash kiyala software ekakin puluwan
Delete